Posts

Showing posts from May, 2021

Zonal Education Office Blog

 මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්.විජේරත්න මහතාගේ යෝජනාවක් පරිදි ඉදිරිපත් කරන මෙම බ්ලොග් අඩවිය මගින්කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා තැබෙන කාල සීමාවේදී  මහනුවර කලාප කාර්යාලය හරහා ඔබ වෙත ලබා දෙන සියලු ඉගෙනුම් උපකරණ, ස්වයං අධ්‍යයන කට්ටල, පැවරුම් හා අනෙකුත් ඉගෙනුම් ආධාරක ඔබ වෙත ලබා දීමට නියමිතය. මෙතෙක් අප විසින් විවිධ මාධ්‍ය උපයෝගී කර ගනිමින් ඔබ වෙත ලබා දුන් සියලු ඉගෙනුම් ආධාරකද මෙහි අන්තර්ගතය. එක් එක් විෂයයට අදාලව පිටුව පරිශීලනය සම්බන්ධව පණිවිඩයක් ඔබගේ පහසුව පිණිස සෑම පිටුවකම ඇතුලත් කර ඇත.

Zonal Education Office new Premises Opening

Media Unit Central Province 23 March at 14:19 · මහනුවර අධ්‍යාපන කලාපයට නව පස්මහල් ගොඩනැගිල්ලක් ! මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් දරුවන්ගේ නැණස පාදන අධ්‍යාපන සේවයේ නියුක්ත නිලධාරින් හට විශිෂ්ඨ සේවා සැපයුමක් ලබාදීමේ අපේක්ෂාවෙන් මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ පස්මහල් ගොඩනැගිල්ලක් වෙත ප්‍රවේශ කෙරේ. සුභ මොහොතින් එම නව ගොඩනැගිල්ල විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සංඝරාජ මාවතේ දී (වැව රවුම) අද දින (23)සිදු කෙරිණ . මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2015 වර්ෂයේ නොවැම්බර් 02 දින ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කලාප අධ්‍යාපන කාර්යාලයක් ඉදිකිරිම වෙනුවෙන් ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන ලැබීම ද විශේෂත්වයකි . ඒ අනුව ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන හා පළාත් සභා සංවර්ධන අරමුදල් යොදවා මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර ,මේ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 110කි. මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අධ්‍යාපන සමස්ත කාර්යය මණ්ඩලය 6580 දෙනෙකු ද, කලාපය නියෝජනය කරන 102500 පාසල් දරුවන් ප්‍රමාණයක් ද නියෝජනය වන අ