Skip to main content

Zonal Education Office new Premises Opening

මහනුවර අධ්‍යාපන කලාපයට නව පස්මහල් ගොඩනැගිල්ලක් !

මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් දරුවන්ගේ නැණස පාදන අධ්‍යාපන සේවයේ නියුක්ත නිලධාරින් හට විශිෂ්ඨ සේවා සැපයුමක් ලබාදීමේ අපේක්ෂාවෙන් මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ
පස්මහල් ගොඩනැගිල්ලක් වෙත ප්‍රවේශ කෙරේ. සුභ මොහොතින් එම නව ගොඩනැගිල්ල විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සංඝරාජ මාවතේ දී (වැව රවුම) අද දින (23)සිදු කෙරිණ .
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2015 වර්ෂයේ නොවැම්බර් 02 දින ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කලාප අධ්‍යාපන කාර්යාලයක් ඉදිකිරිම වෙනුවෙන් ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන ලැබීම ද විශේෂත්වයකි . ඒ අනුව ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන හා පළාත් සභා සංවර්ධන අරමුදල් යොදවා මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර ,මේ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 110කි.
මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අධ්‍යාපන සමස්ත කාර්යය මණ්ඩලය 6580 දෙනෙකු ද, කලාපය නියෝජනය කරන 102500 පාසල් දරුවන් ප්‍රමාණයක් ද නියෝජනය වන අතර, වැඩිම ධාරිතාවයක සහිත මධ්‍යම පළාතේ පිහිටි අධ්‍යාපන කලාපය ද මෙය වන අතර පස් මහල් ගොඩනැගිල්ලක් හිමි එකම කලාප අධ්‍යාපන කාර්යාලයද මෙය වේ .

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක,ආණ්ඩුකාර මහජන සම්බන්ධිකරන නිලධාරි එස්.බී.රත්නායක, ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්.විජේරත්න, යන මහත්වරුන් සහ මහනුවර ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගී වුහ.


Comments

  1. ඉතාම කාලෝචිත වැඩසටහනකි. මෙය ඉදිරියට පවත්වාගෙන යාමට සුභ පතමි!

    ReplyDelete
  2. දැන් වත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. 🙏👍🌹ඉතාම කාලෝචිත වැඩසටහනකි. මෙය ඉදිරියට පවත්වාගෙන යාමට සුභ පතමි!🙏👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව