2021 අ.පො.ස. (සා.පෙළ) ගණිතය ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 2021 අ.පො.ස. (සා.පෙළ) ගණිතය ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ 11 ශ්‍රේණියේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය සිසුන්ට ලබා දෙනු ලබන 3 වන ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීමේ හැකියාව අද (2021.06.13) දින ප.ව.6.00 සිට ලබා දෙනු ලැබේ. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා යොමුව ප.ව. 5.45 සිට මෙම බ්ලොග් අඩවියේ දිස්වනු ඇත. 

සියලුම දෙමාපියන් පහත උපදෙස් කියවා මේ සඳහා තම දරුවන් යොමු කරවන මෙන්  ඉල්ලා සිටිමු.

කොවිඩ් 19 හේතුවෙන් පාසල් වසා තැබෙන කාල සීමාව තුලදීද ගණිතය විෂයය ප්‍රතිඵල සංවර්ධනය සඳහා ශිෂ්‍ය තක්සේරුකරණය මගින් වඩා ගුණාත්මක අධ්‍යාපනයකට සිසුන් යොමු කරවීම අපේ අපේක්ෂාවයි.

දෙමාපියන්ට උපදෙස්:

1.      කලාප අධ්‍යාපන කාර්යාලයේ බ්ලොග් අඩවියට පිවිසෙන්න. (vidhyadana.blogspot.com)

2.      එහි Home හි ඇති 2021 ගණිත ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය මත click කරන්න.

3.      එහි ඇති ප්‍රශ්නපත්‍ර අංක 03 මත click කරන්න. (මෙය ප.ව.5.45 සිට විවෘත කර ගැනීමේ හැකියාව පවතී.)

4.      ප.ව.6.00 සිට ප.ව.8.00 දක්වා ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලිවීම සඳහා ඔබේ දරුවා යොමු කරවන්න.

5.      පිළිතුරු ලිවීමෙන් අනතුරුව නැවත ඉහත බ්ලොග් අඩවියට පිවිස ආදර්ශ පිළිතුරු පත්‍රය මත click කරන්න. . (මෙය ප.ව.7.45 සිට විවෘත කර ගැනීමේ හැකියාව පවතී.)

6.      එම පිළිතුරු පත්‍රය ඇසුරෙන් ඔබේ දරුවාගේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සලකුණු කරගන්න.

7.      ඉන්පසු නැවත බ්ලොග් අඩවියේ ඇති ලකුණු ඇතුලත් කිරීම  මත click කරන්න.

8.      ඉන්පසු ඔබේ දරුවාගේ පාසලේ නම තෝරා ඇතුලත්වීමේ අංකය, දරුවාගේ නම ඇතුලත් කර Submit click කරන්න.

 

සැලකිය යුතුයි:-

** යම් අයුරකින් ඉහත බ්ලොග් අඩවියට ප්‍රවේශ වීමට නොහැකි වූයේ නම් පංතියේ WhatsApp සමූහයේ ඇති ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියවා එහි ඇති පිලිතුරු පත්‍රය ඇසුරෙන් පිලිතුරු සළකුණු කර WhatsApp පණිවිඩයක් ලෙස දරුවා ලබා ගත් ලකුණ විෂය භාර ගුරුතුමිය වෙත ලැබීමට සලස්වන්න.

ගණිත අංශය,

කලාප අධ්‍යාපන කාර්යාලය,

මහනුවර.

Comments

  1. Replies
    1. According to the instructions paper will publish on 5.45 p.m today

      Delete
    2. Hey there is more important questions to solve. Why don't you reply them ? They're down below. Hope you gonna answer them

      Delete
  2. What are the lessons in the paper

    ReplyDelete
  3. What are the lessons that will be tested?

    ReplyDelete
  4. How many questions in this paper?

    ReplyDelete
  5. What are the lessons in the paper?
    How many questions are given in the paper?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Can not find the answer sheet 😶

    ReplyDelete
  8. We enter marks out of 50. is it ok..

    ReplyDelete
  9. janidu chamod
    8D
    11
    බෙරවස්ටි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

English online test for grade 11 students

ඉංග්‍රීසි විෂය මාසික පරීක්ෂණ - මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව